භික්ෂු සමාජයට පහර ගැසීම සඳහා රටින් බැහැරව සිට ක්‍රියාත්මක වූ ඇතැම් බලවේග දැන් රට තුළ සිටම ක්‍රියාත්මක වෙමින් පවතින බව කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්යය පූජ්‍ය අගළකඩ සිරිසුමන හිමියන් පවසනවා. ශාසනාරක්ෂක සභාව ඊයේ කොළඹදී කැඳවා තිබූ මහා සඟ සමුළුවට එක්වෙමින් උන්වහන්ස…

භික්ෂු සමාජයට පහර ගැසීම සඳහා රටින් බැහැරව සිට ක්‍රියාත්මක වූ ඇතැම් බලවේග දැන් රට තුළ සිටම ක්‍රියාත්මක වෙමින් පවතින බව කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්යය පූජ්‍ය අගළකඩ සිරිසුමන හිමියන් පවසනවා. ශාසනාරක්ෂක සභාව ඊයේ කොළඹදී කැඳවා තිබූ මහා සඟ සමුළුවට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා. “අද අපි දන්නවා අපේ රටේ ක්‍රියාත්මක වෙන බලය, රාජ්‍ය බලය, දේශපාලන බලය මෙහෙයවන්නේ ජාතියට ද්‍රෝහිකම් කරන, දුෂ්ටකම් කරන, වෛර කරන, විදේශගතව සිටින සංවිධාන. ඔවුන්ගේ මුදලින් යැපෙන, ඔවුන්ගේ අදහස්වලින් චින්තනයෙන් යැපෙන නූතන පාලකයන්. ඒ ඔවුන්ට උවමනා දේ කරන්න තමයි උත්සාහ කරන්නේ. ඔවුන්ට මේ කසාවත පෙන්නන්න බැහැ. මේ සිවුර තුළ ගොඩනැගිලා තියෙන මේ සංස්කෘතිය, මේ ජාතික බලය, මේ වටිනා විශිෂ්ට සම්බන්ධතා ඒවා ඉවසන්නේ නැහැ. ඔවුන් ඒ නිසා මෙපමණ කාලයක් විදේශ රටවලට වෙලා ඉඳන් උත්සාහ කළා පහර දෙන්න, විනාශ කරන්න. හැබැයි අද ඒක සෘජුවම වෙනවා. ඒක බොහොම ප්‍රබලව සිද්ධ වෙනවා, හාමුදුරුවන්ට තවම දැනුණේ නැහැ. තව අවුරුදු තුන හතරක් යනකොට පාරට බහින්න බැරි තත්ත්වයක් උද්ගත කරන්න පවා යටි කූට්ටු මගඩි වැඩ ක්‍රියාත්මක වෙන හැටි ඔබ වහන්සේලාට දකින්න පුළුවන් වෙයි.” මෙම මහා සඟ සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත් වූ ජේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පැවසුවේ සංඝ සමාජයට පහර ගැසීමට කවර ආකාරයේ උත්සාහයන් ක්‍රියාත්මක වුවද ඒවා සාර්ථක නොවන බවයි. “39,995 ක් ඉන්නවා ලංකාවේ හාමුදුරුවරු දැනට මේ අද ගත්ත සංඛ්‍යාලේඛන වල හැටියට. දැන් මේ 39,000 ක් අතරින් දහ පහළොස් දෙනෙක් හොයාගෙන, යූටියුබ් එකේ එහෙම නැත්නම් අර මොකක්ද ෆේස්බුක් එකේ එහෙම දාපුවහම ඒ ඔක්කොම අපිද? ඉතින් එහෙම සාපේක්ෂ ඝනත්වයට ගත්තහම සියලුම ළමයි වැරදිද ළමයෙක් දෙන්නෙක් කරපු දේවල් වලට? සියලුම ගිහියෝ වැරදිද ගිහියෝ එක්කෙනෙක් දෙන්නෙක් කරපු වැරදි වලට? මම කියන්නේ මං අපි ඒකට වගකියන්නේ නැහැ කියලා කියන සාහසික ප්‍රකාශයෙන් නෙවෙයි. එහෙම වීමේ පොසිබිලිටි එකක්, සම්භාවිතාවක් තියෙනවා, ප්‍රමාණාත්මකව ඝනත්වයෙන් වැඩිවෙනකොට ගුණත්වයේ පරිහානියක් තියෙනවා ඒක සාමාන්‍ය විද්‍යාත්මක න්‍යායක්. ඒ හින්දා මේගොල්ලෝ මේ කොහේ හරි යන අර අසාධිත අසම්භාවිත චරිතයක් හොයාගෙන, සමහර වෙලාවට ඇත්තම චරිතද දන්නෙත් නැහැ, නැද්ද දන්නෙත් නැහැ, එහෙම චරිතයක් අල්ලගෙන ඒකම හුලුප්පා දක්වමින් කටයුතු කිරීම අසත්පුරුෂ ක්‍රියාවක්.” ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්. “දැන් ඔය කියන තරම් ලොකු හානියක් අපිට වෙලා නැහැ මොකෝ. අර කියනවා වගේ පාපන්දු බලන්න ගිහිල්ලා යම් යම් ආගමික ස්ථානවලට කට්ටිය අඩු වුණයි කියලා කිව්වට, සිල්වලින් අඩුවක් වුණාද කියලා බලන්නකෝ අටමස්ථානේ  ගිය මාසෙවත්. එහෙම නැහැ. එහෙම නැහැ, මේක අමුතු රටක්. දානේ එහෙම අඩු වුණාද අපේ හාමුදුරුවන්නේ කොහේවත්? එහෙම නැහැ. ඒගොල්ලෝ කොච්චර පහර දුන්නත් එහෙම වෙන්නේ නැහැ. මේක සංස්කෘතික රටක්.”