විධායක ජනාධිපති ධුරයේ බලතල භාවිත කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමට කිසිවිටෙකත් කටයුතු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ රටට සුබදායි වෙනසක් සිදු කිරීමට නම් අභියෝග භාර ගැනීමට සූදානම් විය යුතු බවයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් සමග ඊය…
විධායක ජනාධිපති ධුරයේ බලතල භාවිත කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමට කිසිවිටෙකත් කටයුතු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ රටට සුබදායි වෙනසක් සිදු කිරීමට නම් අභියෝග භාර ගැනීමට සූදානම් විය යුතු බවයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් සමග ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. "මගේ ප්‍රවේශය... ප්‍රවේශය තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ. මම කිසිසේත්ම මගේ විධායක බලය හෝ අප සතුව තිබෙන බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට පාවිච්චි කරන්න, උපයෝග කරගන්නේ නැහැ. ඊළඟට උපුල් මහත්මයා කියපු අවදානම... ඒ කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න වුණා, ඔබටත් යන්න වෙයි. මම යන්න ලෑස්ති පිට ඉන්නේ. මම මේවවල වාඩිවෙලා බලාගෙන ඉන්න මිනිහෙක් නෙමෙයි. ඒ වගේම මම මේ වෙනස කිරීම සඳහා අවදානම ගන්න ලෑස්ති පිට ඉන්නේ. වෙනසක්... මම හිතන්නේ නැහැ සිද්ධ වෙයි කියලා අවදානමකින් තොරව. වෙනසක් හැමවිටම සිද්ධ වෙන්නේ අවදානමත් දරාගෙන. හොඳම උදාහරණයක් කියන්නම්... පාස්කු පරීක්ෂණය. පාස්කු පරීක්ෂණය දියත් කරලා තිබෙන්නේ බුද්ධි අංශයට. මගේ ආරක්ෂාවටවත් කියන්නෙත් නැහැ ඔවුන්. හැබැයි මම පරීක්ෂණය යනවා. ඒ තුළ ජීවිත අවදානම පවතින බව මම දන්නවා. නමුත් අවදානම දරාගන්නේ නැතුව වෙනසක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මම අවදානම ගන්න සූදානම් මේ රටේ ජනතාව වෙනුවෙන් කියලා මම විශ්වාස කරනවා. ඒ අවදානම හමුවේ මගේ තනතුර අහිමි වෙනවා නම්, ඒවා ඉතා හොඳින් භාරගෙන මට පිටත් වෙලා යන්න ලෑස්තියි." මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා. "විනිසුරුවන්ගේ කාලය වැඩි කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවේ, සමස්ත මේ විමර්ශන ක්‍රියාවලියේ සිට සමස්තය දෙස බලපු කොටසක්. එතකොට කොයි වෙලාවෙත් මම හිතනවා, මේක නොවුණත් ඒකේ සුවඳ මොකක්ද මේකෙන් පෙන්නුම් කරන්නේ, ඔව් ඒක මම දැන් පිළිගන්නවා. හැබැයි කොයිකටත් වලංගුයි. මේ අධිකරණය මෙහෙම පවතින්නේ එහෙම හොඳම සුවඳ සහිතව නෙවෙයි, මම අධිකරණය අදත් විශ්වාස කරන්නේ මිනිස්සු, මේ අධිකරණ පද්ධතිය අදත් විශ්වාස කරන්නේ, සුවඳ දායකම කරුණු විසින්මද? සුවඳ නොවන කරුණු ඕන තරම් ඇති වෙලා තියෙනවා. හැබැයි ඒත් මිනිස්සු මේ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය තබලා තියෙනවා. ඉතින් මම මේ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය තබනවා. ඇත්ත ගත්තොත්, මේක පද්ධතිමය වෙනසක්. මීට කලින් කරලා තියෙන්නේ පුද්ගල වෙනසක්. පුද්ගල අනුබද්ධ වෙනසක්. මේක අර්ථකථනය කරන්න පුළුවන්. මම දැක්කා සමහර අය කියනවා, ඇයි දෙසැම්බර් 01 ට කලින් පස්සේ බැරිද කියලා මගෙන් අහනවා. දෙසැම්බර් 01 ට පස්සේ බැරි කියන එකෙන් ප්‍රශ්නය තියෙන්නේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නෙවෙයිනේ, ඉදිරිපත් කරාට පුද්ගලයන්ගේ ප්‍රශ්නයක් තියෙන්නේ."












