ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි Published July 25, 2026 3:14pm වෛද්‍ය ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධිය මුල්කරගනිමින් ඉන්දියානු මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර…
ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Published July 25, 2026 3:14pm
වෛද්‍ය ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධිය මුල්කරගනිමින් ඉන්දියානු මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත යොමුකර තිබෙනවා. අදාළ ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධියට විරෝධය පළ කරමින් සහ අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම බල කරමින් ඉන්දියාව පුරා සිසුන් මාසයකට වැඩි කාලයක් තිස්සේ දැවැන්ත විරෝධතාවල නිරත වුණා. රජය සහ පාලක පක්ෂය අතර පැවැත්වීමට නියමිත තීරණාත්මක සාකච්ඡා වටයට පෙර අධ්‍යාපන අමාත්‍යවරයා මෙලෙස සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.











