ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිර්වතන කමිටුව අතර හමුවක් ජනාධිපති කාර්‌යාලයේදී අද (27) පස්වරුවේ පැවැත්වුණා. ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමේදී මුහුණ දෙන ගැටලු සහ අභියෝග පිළිබඳවයි මෙහිදී සාකච්ඡා වී ඇත්තේ. එමෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නති…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිර්වතන කමිටුව අතර හමුවක් ජනාධිපති කාර්‌යාලයේදී අද (27) පස්වරුවේ පැවැත්වුණා. ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමේදී මුහුණ දෙන ගැටලු සහ අභියෝග පිළිබඳවයි මෙහිදී සාකච්ඡා වී ඇත්තේ. එමෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් රජයෙන් ලබා දිය හැකි දායකත්වය හා සහයෝගය පිළිබඳව ද එහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙනවා. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ජනාධිපති කාර්‌ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිර්වතන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න සහ එහි සෙසු සාමාජිකයින් වන රොෂාන් මහානාම, අවන්ති කොළඹගේ, උපුල් කුමාරප්පෙරුම, තුෂිර රදැල්ල, සිදත් වෙත්තමුණි, ඩිනාල් පිලිප්ස් යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.










