මහර බන්ධනාගාරයේ පසුගියදා නොසන්සුතාව හටගෙන ඇත්තේ බන්ධනාගාරය තුළ පවතින තහනම් ද්‍රව්‍ය නිලධාරීන් භාරයට ගැනීම සදහා කටයුතු කිරීමට එරෙහිව බවට තොරතුරු වාර්තා වනවා. නිලධාරීන්ගේ එම ක්‍රියාව හේතුවෙන් ඇතැම් රැදවූවන් දින කිහිපයක සිට සංවිධානාත්මක වී එම නොසන්සුන්තාවක් ඇති කිරීමට සූදානම් වී ඇත…
මහර බන්ධනාගාරයේ පසුගියදා නොසන්සුතාව හටගෙන ඇත්තේ බන්ධනාගාරය තුළ පවතින තහනම් ද්‍රව්‍ය නිලධාරීන් භාරයට ගැනීම සදහා කටයුතු කිරීමට එරෙහිව බවට තොරතුරු වාර්තා වනවා. නිලධාරීන්ගේ එම ක්‍රියාව හේතුවෙන් ඇතැම් රැදවූවන් දින කිහිපයක සිට සංවිධානාත්මක වී එම නොසන්සුන්තාවක් ඇති කිරීමට සූදානම් වී ඇති බවයි වාර්තා වුණේ. මහර බන්ධනාගාරයේ නව ප්‍රධාන ජේලර්වරයා ලෙස ගයාන් තිලකරත්න මහතා මීට සති කිහිපයකට පෙර රාජකාරී ආරම්භ කර තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකුගේ සහෝදරයා ද වන බවයි වාර්තා වුණේ. මෙම ප්‍රධාන ජේලර්වරයා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ වසර කිහිපයක් රාජකාරී සිදුකර පසුව මීගමුව බන්ධනාගාරය වෙත ස්ථාන මාරුවීම් ලබා තිබුණා. මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාව හට ගැනීමට දින තුනකට පෙරයි ඔහු මහර බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස රාජකාරී ආරම්භ කර ඇත්තේ. එම ප්‍රධාන ජේලර්වරයා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන නිලධාරියෙකු බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඒ අනුව මහර බන්ධනාගාරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු එම බන්ධනාගාරය තුළට නීතිවිරෝධීව මත්ද්‍රව්‍ය සහ තහනම් භාණ්ඩ රැගෙන ඒම වැළැක්වීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබුණා. එමෙන්ම වාට්ටු තුළ ඒ වනවිට පැවති මත්ද්‍රව්‍ය සහ තහනම් භාණ්ඩ සිය භාරයට ගැනීම සදහා ඔහුගේ මූලිකත්වයෙන් අඛණ්ඩව වැටලීම් සිදුකර ඇති බවයි වාර්තා වුණේ. ඒ අනුව පසුගිය සතිය වනවිට මහර බන්ධනාගාර වාට්ටු තුළ පැවති මත්ද්‍රව්‍ය සහ තහනම් භාණ්ඩ සිදුකළ වැටලීම්වලදි සොයාගෙන තිබෙනවා. ඇතැම් රැදවියන් මත්ද්‍රව්‍ය නොමැතිවීම හේතුවෙන් පසුගිය සතිය තුළ බන්ධනාගාරය තුළ අසහනයෙන් සිටි බවද වාර්තා වුණා. ඒ අනුව ඇතැම් රැදවියන් සිහිවිකල්ව සිටි බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. එවන් පසුබිමක් තුළ රැදවියන් පිරිසක් පසුගිය සෙනසුරාදා මෙලෙස නොසන්සුන්තාව ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී එක් රැදවියෙකු මියගොස් තවත් රැදවියන් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.












