මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමේදී නිලධාරීන් සහ රැඳවියන් මියයාම, තුවාල ලැබීම මෙන්ම දේපළවලට හානි සිදුකිරීමේ සිද්ධියට අදාළව රැඳවියන් සිව්දෙනෙකු සැකකරුවන් ලෙස නම් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ, මෙම නඩුව අද (27) මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමු…
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමේදී නිලධාරීන් සහ රැඳවියන් මියයාම, තුවාල ලැබීම මෙන්ම දේපළවලට හානි සිදුකිරීමේ සිද්ධියට අදාළව රැඳවියන් සිව්දෙනෙකු සැකකරුවන් ලෙස නම් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ, මෙම නඩුව අද (27) මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීයි. ඒ අනුව ‘හීනටියන සුපුන්’, ෂේන් ඩිලාන් සිල්වා, ‘කලු මල්ලි’ සහ ‘බබා’ යන අන්වර්ථ නාමවලින් හැඳින්වෙන සැකකාර රැඳවියන් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අදාළ බන්ධනාගාර අධිකාරීවරුන්ට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ අනෙකුත් සියලු සැකකරුවන් ද හඳුනාගෙන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරුන් සිව්දෙනෙකු යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් කිහිපයක් තවදුරටත් පුළුල් විමර්ශන සිදුකරනු ලබනවා.











