“නේපාලය සහ චීනයට අයත් ටිබෙට් මායිම් කලාපයේ හිම කන්දක පැවති ග්ලැසියරයක් හදිසියේ කඩා වැටීම හේතුවෙන් හටගත් දරුණු ගංවතුර සහ නායයෑම්වලින් නේපාලයේ මියගිය සංඛ්‍යාව 579 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නේපාලයේ ජාතික ආපදා අවදානම් අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය (NDRRMA) නිවේදනය කරන්නේ සමස්ත අතුරු…

“නේපාලය සහ චීනයට අයත් ටිබෙට් මායිම් කලාපයේ හිම කන්දක පැවති ග්ලැසියරයක් හදිසියේ කඩා වැටීම හේතුවෙන් හටගත් දරුණු ගංවතුර සහ නායයෑම්වලින් නේපාලයේ මියගිය සංඛ්‍යාව 579 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නේපාලයේ ජාතික ආපදා අවදානම් අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය (NDRRMA) නිවේදනය කරන්නේ සමස්ත අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව 1,924 දක්වා ඉහළ ගොස් ඇති බවයි.” “එලෙස අතුරුදහන් වූ පිරිස අතරට විදේශිකයින් 517 දෙනෙකු ද ඇතුළත් වනවා. නේපාල පොලිසිය සහ ආපදා අධිකාරිය මගින් නිකුත් කරන වාර්තාවල දත්ත සන්සන්දනයේදී මෙම සංඛ්‍යා ලේඛන සීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.” “නේපාලය සහ ටිබෙටය යා කෙරෙන ප්‍රධාන මායිම් හරස් මාර්ගයක් වන ‘ගියිරොන්ග්’ (Gyirong) වරාය, නිවාස සහ මාර්ග රැසක් මුළුමනින්ම විනාශ කරමින් මෙම දැවැන්ත ජල කඳ කඩා වදින ආකාරය දැක්වෙන තැතිගන්වනසුලු සීසීටීවී (CCTV) දර්ශන මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතිනවා.” “සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාල ආරක්ෂක භටයින් 15,000 කට අධික සංඛ්‍යාවක් යොදවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර, චීනයට අයත් ටිබෙට් කලාපයෙන් ද මරණ 05 ක් සහ අතුරුදහන්වීම් 558 ක් වාර්තා වනවා. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් හදිසි රැස්වීමක් කැඳවා සහන සේවකයින් සිය ගණනක් යොදවා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබුණ ද, ටිබෙටයේ ඇති වී තිබෙන සැබෑ ආපදා තත්ත්වය සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වීම චීන බලධාරීන් විසින් දැඩි ලෙස වාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.”