2026 වර්ෂයේ අගෝස්තු 30 රවි දින 31 සඳු දින සහ සැප්තැම්බර් 1 වැනි කුජ දිනයෙන් ඇරඹෙන නව මාසයේ 5 වැනි ශනි දිනයෙන් අවසන් වන සතිය තුළ ලග්නයෙන් ලග්නයට ලග්න 12 ට අයත් සතියේ පලාඵල මෙසේ ගෙනහැර දක්වමු. මේෂ ලග්නය මේෂ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයාගේ ගෝචර ගමන මේ සතිය තුළ 12 වැන්නේ,…
2026 වර්ෂයේ අගෝස්තු 30 රවි දින 31 සඳු දින සහ සැප්තැම්බර් 1 වැනි කුජ දිනයෙන් ඇරඹෙන නව මාසයේ 5 වැනි ශනි දිනයෙන් අවසන් වන සතිය තුළ ලග්නයෙන් ලග්නයට ලග්න 12 ට අයත් සතියේ පලාඵල මෙසේ ගෙනහැර දක්වමු.
මේෂ ලග්නය
මේෂ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයාගේ ගෝචර ගමන මේ සතිය තුළ 12 වැන්නේ, ලග්නයේ සහ 2 වැන්නේ, ගෝචර වන හෙයින් මේ සතිය ඔබට යහපත් සතියක් වන අතර අය වැය සමබරව පවත්වා ගැනීමට කල්පනාකාරී වියයුතුය. වැඩ අධික වන සතියක් වේ. අධික වෙහෙසකාරි බව නිසා ඇඟපත වේදනාව, උණ හා සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවිය හැක. උදර වේදනාව, බඩේ අජීර්ණ පවා ඇතිවිය හැක. සතිය මැද වෙද්දී අතමිට මුදල් ගැවසේ. බියෙන් සැකයෙන් තොරව වියදම් කරයි. රසවත් ආහාර, ඇඳුම් පැලඳුම් පවා මිලයට ගැනීමට හැකියාව පවතී. සති අන්තයේ පවුලේ අයත් සමග විනෝද ගමන්වලට සහභාගී වීමට හැකියාව ඇති වේ. දුර බැහැර හිතවත් කම් වර්ධනය වන සතියකි.
සුබ වර්ණය – රතු ජය අංකය – 15
වෘෂභ ලග්නය
වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ගෝචර ගමන 11 වැන්නේ, 12 වැන්නේ සහ ලග්නයේ, සිදුවන හෙයින් සතියේ මුල් භාගයේදී වැය පස ඉහළ යයි. විදේශ ගමන් විදේශ සංචාරවල යෙදෙන අයට ඉතා සුබයි. ඒ සඳහා වැඩ කටයුතු සාර්ථක වේ. සතියේ මැද භාගයේදී අන් අය අතරේ කැපී පෙනෙන චරිතයක් වේ. ජනප්‍රියතාවයට හා පැසසුමට ලක්වන අයෙකු වේ. හොඳහිත වර්ධනය වේ. සතියේ ඇග භාගයේදී උගුරේ වේදනාව, සෙම් කිපීම නිසා කටහඬ වෙනස් වීම් ආදියට භාජනය වීම ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. තද සීත ආහාර පානවලින් වළකින්න. අධික සෙම්ප්‍රතිශ්‍යාව නිසා අපහසුතාවයන්වලට මුහුණ දීමට සිදු වේ.
සුබ වර්ණය – සුදු ජය අංකය – 8
මිථුන ලග්නය
මිථුන ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ගෝචර ගමන 10 වැන්නේ 11 වැන්නේ, සහ 12 වැන්නේ සිදුවන බැවින් මේ සතිය වැඩ අධික, කාර්ය බහුල වේ. අන් අය වෙනුවෙන් කැපවීමට සිදුවේ. නිදහස අඩුවේ. සතියේ මුල් භාගයේ දී අත මිට මුදල් ගැවසුණ ද සතියේ මැද භාගය වනවිට මුදල් වලට අතපෑමට සිදුවේ. මුදල් යොදවා කරන ව්‍යාපාර වලින් පාඩු සිදුවිය හැකි බැවින් ප්‍රවේසමෙන් කටයුතු කරන්න. විදේශ ගමන්වලට හොඳයි. සති අන්තයේ මානසික පීඩා ඇතිවිය හැක. උදරයේ වේදනාව සහ ශරීරය අභ්‍යන්තර වේදනාව සහ අපහසුතාවලට මුහුණ පෑමට සිදුවේ.
සුබ වර්ණය – තැඹිලි ජය අංකය – 4
කටක ලග්නය
කටක ලග්නයෙන් උපන් ඔබට මේ සතියේ ඔබගේ චන්ද්‍රයාගේ ගෝචර ගමන 9 වැන්නේ, 10 වැන්නේ සහ 11 වැන්නේ සිදුවන බැවින් මේ සතියේදී ඔබට රජයේ රැකියා සඳහා ඉල්ලුම් සඳහා පත්වීම් ලැබේ.
රැකියාවේ උසස් වීම සහ සතියේ මුල් භාගයේදී රැකියාවේ වෙනසක් සිදුවීමට නියමිතයි. ස්ථානය මාරුවීමක් හෝ උසස් වීමකට හිමිකම් කියයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට සුබදායකයි. අතමිට සරු වන සතියේ මැද භාගයේදී පදවි තනතුරු තානාන්තර වලට නම යෝජනා වේ. සතියේ අග භාගය වනවිට හිත කෝප වීම. තරහ යෑම තමන්ට පාඩු වන බවක් පෙන්නුම් කරයි. විදෙස් ගමන්වලට මුල් අඩිතාලම යෙදීමට සුබ වේ.
සුබ වර්ණය – කහ ජය අංකය – 17
සිංහ ලග්නය
සිංහ ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ගෝචර ගමන 8 වැන්නේ, 9 වැන්නේ , සහ 10 වැන්නේ සිදුවන මේ සතිය අෂ්ටම ඒරාෂ්ටකය ගෙවමින් පවතින ඔබ පුළුවන් තරම් ප්‍රවේසම් වන්න. වැටීම් තැලීම් හදිසි අනතරුවලට හේතු ඇත. අතමිට මුදල් ගැවසුණ ද ආදායම වියදම සමබර කරගැනීමට වගබලා ගතයුතුය. සතියේ මුල භාගයේදී දන් පැන් දීම, වතාවත් වලට යොමු වීම හා උසස් අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයට යහපත් වන කාලයකි. සතියේ මැදභාගය වනවිට රැකියාවේ වනසක් හෝ ස්ථානය මාරුවීමකට සුබයි. සතියේ අග වනවිට උදරය හා හෘදයට ඇතිවන බලපෑම අධික බැවින් කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගන්න වගබලා ගන්න. හෘද රෝග ඇති අය ප්‍රවේසම් වන්න.
සුබ වර්ණය – රෝස ජය අංකය – 9
කන්‍යා ලග්නය
කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ගෝචර ගමන මේ සතියේදී 7වැන්නේ , 8වැන්නේ ,සහ 9 වැන්නේ ගෝචර වන බැවින් හදිසි අනතුරු, වැටීම්, තැලීම්, තුවාල වීම් ගෘහ ආශ්‍රිත අනතුරුවලට ඔබ ලක්විය හැක. සතියේ මුල් භාගයේදී දුර බැහැර ගමන් යෙදුණ ද ප්‍රවේසමෙන් කටයුතු කරන්න. අවිආයුධවලින් අනතුරු ඇතිවිය හැක. සතියේ මැද භාගයේදී කේන්ති යෑම, නොරුස්සන ගති ඔබේ හොඳ නමට කැළලක් ඇතිකරයි. සති අන්තයේදී අහාර ජීර්ණ පද්ධතියේ අසාත්මිකතා ඇතිවිය හැක. පෙර පින් ඉස්මතු කරගැනීමටත් අකුසල් දුරු කිරීමටත් සුදුසුම සතිය මෙය වේ. අන් අයකුගේ උදව් උපකාර නොමැතිව ඉස්තිර තීරණවලට, දැඩි තීරණවලට ඉක්මන් නොවන්න. හදිසි අනතුරු සහ මාරක අනතුරු ඇතිවීමට ඇති ඉඩ කඩ වැඩි හෙයින් ප්‍රවේසමෙන් කටයුතු කරන්න.
සුබ වර්ණය – දම් ජය අංකය – 2
තුලා ලග්නය
තුලා ලගන්යෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ගෝචර ගමන මේ සතියේ 6 වැන්නේ , 7 වැන්නේ ,සහ 8 වැන්නේ සිදුවන මෙ සතිය තුළ ශරීර සෞඛ්‍ය සම්බනධ ගැටලුවලටත්, නඩු හබ නීතිමය තීරණවලටත් තීරණාත්මක කාලයකි. ඔබගේ මුදල් ප්‍රවේසම් කරගත යුතු කාල සීමාවකි. ණය දීමටත් ණය ගැනීමටත් සුදුසු කාලය මෙය නොවේ. ඔබගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් නව සහයක සම්බන්ධතා හවුල්කරුවන් සේවකයන් බඳවා ගැනීම සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. සතියේ මුලභාගයේදී විවාහ යෝජනා සඳහා ඇරයුම් ලැබේ. අතපසු වු මඟ හැරුණු සම්බන්ධ නව පණ ගැන්වේ. සතියේ මැද බාගයේදී විවාහයෙන් පසුව ඔබගේ වටිනාකමට ප්‍රසංසා හිමිවේ. ලැබීම්වලට ද සුබවේ. සති අන්තයේදී නිවසේ සුවිශේෂී කටයුත්තක් වෙනුවෙන් වෙහෙස මහන්සි වි කටයුතු කිරීමට සිදුවන බැවින් වෙහෙසකර කාර්යබහුල වේ.
සුබ වර්ණය – සුදු ජය අංකය – 7
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ගෝචර ගමන මේ සතියේ 5 වැන්නේ ,6 වැන්නේ ,සහ 7 වැන්නේ සිදුවන බැවින් ප්‍රවේසමෙන් කටයුතු කළයුතුයි. නොකළ වැරදිවලට මුහුණ පෑමට වේ. මූල්‍යමය ගැටලුවලට මුහුණපෑමට සිදූ වන නිසා අපහසුතාවයන්වලට මුහුණපෑමට සිදු වේ. කලකට ඉහත දී සිදුවූ නීතිමය ගැටලුවක් නැවත උස්සන්න වීම නිසා පීඩාවට පත්වීම් සිදුවේ. සතියේ මුල් භාගයේදී නීතිමය ගැටලු මැදභාගය වෙද්දී මුත්‍රා ආසාදන සහ ලේ සහිත දෝස වලට මුහුණපෑමට සිදුවීම. සතියන්තයේදී අන් අය නිසා දඬුවමටත්, නීතිමය ගැටලු නිරාකරණය කරගැනීමටත් සිදුවේ.
සුබ වර්ණය – රතු ජය අංකය – 4
ධනු ලග්නය
ධනු ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ගෝචර ගමන මේ සතියේ 4 වැන්නේ ,5 වැන්නේ ,6 වැන්නේ සිදුවන බැවින් අධ්‍යාපන ලබන අවධියේ දරුවන්ට ශුභවේ. තරග විභාහගවලින්ද ක්‍රීඩා කටයුතුවලින්ද නොසිතූ ජයග්‍රහණ හිමිවේ. සතියේ මුල් භාගය වෙද්දී සිත පිනවන ප්‍රීතිමත් ආරංචි ඇසීමට හැකිවේ. විදෙස් සංචාරවලට ආරාධනා හිමිවේ. සතියේ මැද භාගය වෙද්දී ස්නායු ගත වේදනා, හන්දි පත් අමාරු කැක්කුම ඇතිවේ. සති අන්තයේදී මුදල් වියදම් වැඩිවන අනවශ්‍ය වියදම් වලට මුදල් යෙදවීමට සිදුවන අවස්ථා යෙදේ.
සුබ වර්ණය – කහ ජය අංකය – 11
මකර ලග්නය
මකර ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ගෝචර ගමන මේ සතියේ 3 වැන්නේ ,4වැන්නේ ,සහ 5 වැන්නේ සිදුවන බැවින් මකර ලග්න ඔබගේ කාර්යබහුලතාවය තව දුරටත් වර්ධනය කරයි. සිතේ අමනාපකම් මඟ හැරගෙන සතුටින් කාලය ගතකිරීමට හැකියාව පවතින සතියක් වේ. සතියේ මුල් භාගයේදී ගේ දොර යාන වාහන සම්බන්ධයෙන් පැවති ගැටලුවක් නිරාකරණය කරගැනීමට හැකි වේ. මව් පාර්ශ්වයෙන් උපකාර ලැබේ. ප්‍රිය සම්භාෂණවලට ආරාධනා ලැබේ. සතියේ මැදභාගයේදී සාහිත්‍ය නව නිර්මාණ වලට සුබාදායකයි. ඉන් ජයග්‍රහණය පවා අත් වේ. සති අන්තයේදී අසාත්මිකතාවලට ලක් වියහැක. මුහුණේ, අතපය ලප කැළැල් බිබිලි ඇතිවිය හැකිය.
සුබ වර්ණය – නිල් ජය අංකය – 8
කුම්භ ලග්නය
කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ගෝචර ගමන 2 වැන්නේ ,3 වැන්නේ, සහ 4 වැන්නේ සිදුවන බැවින් මේ සතිය ඔබට සතුටින් ගතකිරීමට හැකියාව ලැබෙන කාලයකි. කලකට පසුව විවේකයක්, පොඩි නිවාඩුවක් ගතකිරීමට හැකියාව පවතින කාලයක් උදාවේ. සතියේ මුල් භාගයේදී සහෝදර නෑදෑ හිතමිතුරන්ගෙන් ප්‍රසංශා හිමිවේ. පවුලේ කැපී පෙනෙන චරිතයක් වීමට ඔබට හැකියාව ලැබේ. සතියේ මැදභාගය වනවිට පවුලේ ගැටලු ආරවුල් නිරාකාරණය කරගැනීමට මැදිහත් වීමට සිදුවේ. අන් අය නිසා කෝප වීමටත් ඉඩ තිබේ. සති අන්තයේදී අතහැර දැමූ මුදලක් ඔබ අතට පත් වේ. මේනිසා ඔබගේ ගැටලු නිරාකාරණය කරගත හැක.
සුබ වර්ණය – ළා නිල් ජය අංකය – 1
මීන ලග්නය
මීන ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයා ගෝචර ගමනේදී ලග්නයේ 2 වැන්නේ , සහ 3වැන්නේ හැසිරෙන බැවින් මීන ලග්න ඔබට මේ සතිය එරාෂ්ටක අපල කාලය යෙදුණ ද කාලයකට පසුව සුබදායක සතියක් වේ. මූල්‍යමය ගැටලුවක් නිරාකාරණය කරගැනීමට තෙවන පාරශ්වයකින් සහයෝගය ලැබේ. කෘෂි කාර්මික කටයුතුවල, භූමිය භාවිතයෙන් කරන කටයුතුවලින් ලාභ හිමිවේ. සතියේ මුල් භාගයේදී ධන වාසනා, සුවිප් ලොතරැයි වාසනා මෙන්ම භූමි ලාභ හිමි වන කාලයකි. සතියේ මැද භාගයේදී නිවාස ලාභ හෝ මඟ නතර වූ නිවාස කටයුත්තක් වෙනුවෙන් කාලය, ශ්‍රමය, ධනය වැය කිරීමට සිදුවේ. ඉන් ඔබට වාසි සැලසේ. සති අන්තයේදී වැරදි ගනුදෙනුවලින් නීතිමය ගැටලුවලට මුහුණපෑමට සිදුවන බැවින් ප්‍රවේසම් වන්න.
සුබ වර්ණය – ළා කහ ජය අංකය – 21
ජ්‍යොතිෂවේදී, ගුප්තවිද්‍යා, වාස්තුවිද්‍ය, හස්තරේකා පාඨමාලා උපදේශකආචාර්ය ඉනෝකා චතුරානි හපුආරච්චි










