ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සමග සහයෝගිතාවයෙන් Colombo Marathon 2026 හි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීම සඳහා ඉදිරිපත් වී ඇත. ක්‍ර…
ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සමග සහයෝගිතාවයෙන් Colombo Marathon 2026 හි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීම සඳහා ඉදිරිපත් වී ඇත. ක්‍රීඩාව, සෞඛ්‍යය සහ ජාතික අභිමානය උදෙසා පොදු දැක්මක් පෙරදැරි කර ගනිමින් මෙම සහයෝගිතාව පසුගිය අගෝස්තු 4 වැනිදා City of Dreams Sri Lanka හිදී පැවැති නිල සමාරම්භක උත්සවයේදී ප්‍රකාශයට පත් කරනු ලැබිණි.
“Steps for Peace and Humanity” යන තේමාව යටතේ පැවැත්වෙන Colombo Marathon 2026 සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වීමට නියමිත අතර, එය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මැරතන් නගරය ලෙස කොළඹ ස්ථාපිත කිරීම සඳහා තබනු ලබන වැදගත් පියවරක් සනිටුහන් කරයි. දේශීය හා විදේශීය ධාවකයින් 4,000කට අධික පිරිසක් සහභාගි වීමට නියමිත මෙම ඉසව්ව සෑම ශාරීරික යෝග්‍යතා මට්ටමකටම ගැලපෙන පරිදි කාණ්ඩ පහක් යටතේ පැවැත්වෙනු ඇත. එම කාණ්ඩ අතරට පූර්ණ මැරතන්, අර්ධ මැරතන්, කි.මී 10, කි.මී. 5 විනෝද ධාවන තරග සහ ළමුන් සඳහා වන කුඩා ධාවන තරගයක් ඇතුළත් වෙයි.
අදාළ සහයෝගිතාව පිළිබඳව අදහස් දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න මෙසේ පැවසීය: “වඩාත්ම වටිනා සැම දේ සැමදා සුරැකීමට කැප වූ සමාගමක් වශයෙන්, Colombo Marathon 2026 සමඟ ඇතිකර ගත් සහයෝගිතාව අපගේ මෙහෙවරෙහි තවත් එක් දිගුවක්. වඩාත්ම වටින දේ වන්නේ වඩාත් ක්‍රියාශීලී ජීවිත ගත කිරීම මඟින් වඩාත් සෞඛ්‍ය සම්පන්න ලෙස ජීවත් වීමේ හැකියාව ජනතාවට ලබාදීම වගේම අනාගතය සඳහා සූදානම් වීමයි. තමන්ගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට විශාල වටිනාකමක් එක්කර ගන්නට සියලුදෙනා දිරිමත් කරන වැඩසටහනක් ඔස්සේ අපගේ මෙහෙවර ක්‍රියාත්මක කිරීමට මේ සහයෝගිතාව මඟින් අපට අවස්ථාවක් ලැබෙනවා.












