රටේ සිදුවන සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම සඳහා පුළුල් බලතල ඇතුළත් නව පනතක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කර ඇති අතර එය සංවිධානාත්මක අපරාධ මැඬලීම සඳහා වූ පනත ලෙස නම් කර තිබේ. පනත සඳහා කැබිනට් අනුමැතිය ද ලබාගෙන එහි ඉදිරි කටයුතු සඳහා මේ වන විට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව…
රටේ සිදුවන සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම සඳහා පුළුල් බලතල ඇතුළත් නව පනතක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කර ඇති අතර එය සංවිධානාත්මක අපරාධ මැඬලීම සඳහා වූ පනත ලෙස නම් කර තිබේ.
පනත සඳහා කැබිනට් අනුමැතිය ද ලබාගෙන එහි ඉදිරි කටයුතු සඳහා මේ වන විට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබේ.
මෙම නව පනත මගින් වැරදිකරුවන් වී සිරගතව සිටින අපරාධකරුවන් සිරගෙදර සිට මෙහෙයවන අපරාධ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නැවත පොලිස් අත්අඩංගුවට ගැනීම, සැකකරුවන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා වැඩි කාලයක් පොලිස් භාරයේ තබා ගැනීමට ප්‍රතිපාදන සැලසීම, නඩු කටයුතු කඩිනම් අවසන් කිරීම සඳහා විශේෂ අධිකරණ ක්‍රමවේදයක්, විදේශගත අපරාධකරුවන්ගේ දේපළ තහනම් කිරීම සඳහාත් නව ක්‍රමවේද, පවතින සාමාන්‍ය දඬුවම් සහ නීතිවලට වැඩි දඬුවම් සහ වැඩි දඩ ප්‍රමාණයක් නියම කිරීම, අපරාධකරුවන්ට සෘජුව හෝ වක්‍රව සහයෝගය පළ කරන අයට දැනට වඩා දඬුවම් පැමිණවිය හැකි පුළුල් බලතල හිමිවනු බව වාර්තා වේ.
රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට තීරණය කර ඇති බවත් එබැවින් අපරාධකරුවන්ට ලැබෙන ලිහිල වළක්වා ගැනීමට සහ ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙම නව සංවිධානාත්මක අපරාධ මැඬලීමේ පනත ඉදිරිපත් කරන බවත් රජයේ ආරංචි මාර්ග කියයි.
සිරිමන්ත රත්නසේකර












