මසකට රස පරීක්‍ෂක වාර්තා 9000ක් දක්වා ගැනීමට සැලසුම් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින සිරකරුවන්ගේ දඬුවම් කාලය වසර 20 දක්වා අඩු කිරීමට සහ එම අයට නිවාස නිවාඩු යෑම සුදුසු බවට නිර්දේශ කරමින් ජනාධිපති වෙත විශේෂ කමිටු වාර්තාවක් සපයා ඇත. මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිට…
මසකට රස පරීක්‍ෂක වාර්තා 9000ක් දක්වා ගැනීමට සැලසුම්
ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින සිරකරුවන්ගේ දඬුවම් කාලය වසර 20 දක්වා අඩු කිරීමට සහ එම අයට නිවාස නිවාඩු යෑම සුදුසු බවට නිර්දේශ කරමින් ජනාධිපති වෙත විශේෂ කමිටු වාර්තාවක් සපයා ඇත.
මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට පත්කළ කමිටුව විසින් එම නිර්දේශ සපයා තිබේ.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතාගෙන් පත්කර තිබූ කමිටුව විසින් මාස 10ක අධ්‍යයනයකින් පසුව මෙම නිර්දේශ ඇතුළත් වාර්තාව භාරදී ඇත.
එහිදී, මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටින සිරකරුවන්ට පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ද යෝජනා කර තිබෙන බව අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කියා සිටියේය.
මෙහිදී මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටින සිරකරුවන්ට නිදහස්ව යෑමේ විධිමත් පොදු සමා ක්‍රමවේදයක් සකස් කිරීමට අදාළව සිදුකර ඇති යෝජනා ඇමැති මණ්ඩලයට යොමු කරන බව හෙතෙම කීය.
මේ අතර නඩු ප්‍රමාදවීමට බලපා ඇති රස පරීක්ෂණ වාර්තා කඩිනමින් ලබාගැනීමට ද ආණ්ඩුව අවධානය යොමු කර ඇති අතර ඒ අනුව මසකට රස පරීක්ෂණ වාර්තා 7500ක් සහ 9000ක් අතර ප්‍රමාණයක් ලබාගැනීමේ ක්‍රමවේදයක් ද සකසා ඇතැයි ඇමැතිවරයා පැවසීය.
අකිත පෙරේරා












