එල් නිනෝවේ බියකරු බව කොටියාගල කරුණාවතී බීබීසී යට කියයි “වැස්සේ නැත්නම් ඉතින් මේ අවුරුද්ද ජීවත් වෙන්න වෙන්නේ නෑ අපිට. කොහොම ඉතිං ජීවත් වෙන්න ද වැස්ස නැතිව? මොන දේ වුණත් පොළවට දා ගන්න වැස්ස තියෙන්න එපැයි. තියෙන තියෙන එක මැරීගෙන යනවා. බොන්න තියෙන වතුර ටික නැති වේගෙන යනවා” යනුවෙන් ප…
එල් නිනෝවේ බියකරු බව කොටියාගල කරුණාවතී බීබීසී යට කියයි
“වැස්සේ නැත්නම් ඉතින් මේ අවුරුද්ද ජීවත් වෙන්න වෙන්නේ නෑ අපිට. කොහොම ඉතිං ජීවත් වෙන්න ද වැස්ස නැතිව? මොන දේ වුණත් පොළවට දා ගන්න වැස්ස තියෙන්න එපැයි. තියෙන තියෙන එක මැරීගෙන යනවා. බොන්න තියෙන වතුර ටික නැති වේගෙන යනවා” යනුවෙන් පවසන්නේ උග්‍ර නියඟය නිසා පීඩා විඳින මොනරාගල, කොටියාගල ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. කරුණාවතී මහත්මියයි. ඇය බීබීසී සිංහල සේවය වෙත මේ කරුණු ප්‍රකාශ කර තිබුණි.
උණුසුම් කාලගුණය නිසා බොහෝවිට කරුණාවතී සහ පවුලේ සෙසු සාමාජිකයින් දහවල් කාලයෙන් වැඩි කාලයක් ගත කරන්නේ නිවස පිටුපස ගසක සෙවණක් යටය. පසුගිය අප්‍රේල් මාසයෙන් පසු, මේ දක්වා ප්‍රමාණවත් වැස්සක් නොලැබීමෙන් කරුණාවතීලාගේ පවුල අන්ත දුක්ඛිත තත්ත්වයකට මුහුණ පා සිටිති. ඔවුන්ට ඇති ප්‍රධාන ප්‍රශ්නය බීමට අවශ්‍ය ජලය ලබා ගැනීමය. ගෙවත්තේ පිහිටි ළිඳ සිඳී ගොස් ඇති අතර ඉන් ඔවුන්ට ලබාගත හැකිව ඇත්තේ දිනකට වතුර කළගෙඩි දෙකකි.
එල් නිනෝ යන වචනය ගැන ගුවන් විදුලියේ සහ රූපවාහිනියේ ඇතැම් අය කියන බව තමන් අසා තිබුණත්, ඉන් තමන්ගේ ජීවිතයට මෙතරම් බලපෑමක් වනු ඇතැයි තමන් විශ්වාස නොකළ බව කරුණාවතී සඳහන් කළාය.
“කලින් ඕව මං ගණන් ගත්තේ නැහැ. දැන් ඉතින් ගණන් ගන්නවා. දැන් ඉතිං ඇත්තම කියලා හිතුණා දැන් මේ අපිට වෙලා තියෙන වැඩේට. කලින් විශ්වාසයක් තිබ්බේ නැහැ. මං හිතුවේ නැහැ මෙහෙම වෙයි කියලා. කොච්චර හොඳට අපි ජීවත් වෙච්ච එක ද මේ අද මෙහෙම වෙලා තියෙන්නේ” යනුවෙන් ඇය සඳහන් කර තිබිණි.චතුර පමුණුව












