විශ්ව ශක්තිය බලවත්ව ක්‍රියාකරන බුදු මැඳුරු, දේව මැඳුරු ආදියට වාස්තු දෝෂ බලපාන්නේ නෑ කියන මතයක් බොහෝ දෙනකුගේ මනස තුළ පවතිනවා. නමුත් ඒ මතය වැරදියි. මේ කියන ස්ථානවලත් විශ්ව ශක්තිය දුර්වලවීම, බාධාවීම නිසා නොයෙක් ගැටලු ඇති කරනවා. ඍණ ශක්තීන් බලවත්වීම නිසා මේ ස්ථානවලද ජන ආකර්ෂණය, ප්‍රස…

විශ්ව ශක්තිය බලවත්ව ක්‍රියාකරන බුදු මැඳුරු, දේව මැඳුරු ආදියට වාස්තු දෝෂ බලපාන්නේ නෑ කියන මතයක් බොහෝ දෙනකුගේ මනස තුළ පවතිනවා. නමුත් ඒ මතය වැරදියි. මේ කියන ස්ථානවලත් විශ්ව ශක්තිය දුර්වලවීම, බාධාවීම නිසා නොයෙක් ගැටලු ඇති කරනවා. ඍණ ශක්තීන් බලවත්වීම නිසා මේ ස්ථානවලද ජන ආකර්ෂණය, ප්‍රසිද්ධිය, දියුණුව වෙනුවට ඇති කරන්නේ ජන අප්‍රසාදය, විවේචන, අවනම්බ ආදිය. මෑතකදී එක්තරා ප්‍රසිද්ධ විහාරස්ථානයක වාස්තු පරීක්ෂාවක් සඳහා මා හට දායක සභාවේ ආරාධනාවක් ලැබුණා. එයට ප්‍රධාන හේතුවක් වෙලා තිබුණේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ අසනීප තත්ත්වයෙන් නිතර පෙළීමත්, එහි ගැටුම්කාරී තත්ත්වයක් පැවතීමත් නිසාය. ප්‍රථමයෙන්ම ආවාස ගෙය පරීක්ෂාවේදී එහි වර්ගඵලය වැරදි ලෙස පැවතියා. ආවාස ගෙයි මුදුන් යටලීය වැටී තිබුණේ බ්‍රහ්ම පාද ලක්ෂ්‍යයට ඍජුවමයි. ඒ වගේම නිරිත දිශාවේ අපද්‍රව්‍ය වළක් පැවතියා. මෙහි ද්වාර සටහන ද පැවතුණේ උතුරට හා දකුණට. එය රිප්‍රද වර්ගයට අයත්වීමද සොර සතුරු පීඩාවන් ඇතිවීමට හේතුවක්. පූජනීය ස්ථානයක සියලු ගොඩනැඟිලි නිසි ආකාරයට පැවතුණත්, එම ස්ථානයෙහි ප්‍රධානියා වාසය කරන ස්ථානය පවතින්නේ දුර්වල ආකාරයට නම් එම ආයතනයම කඩා වැටීමට, විනාශයට ලක්වෙනු ඇත. ගන්නා තීන්දු තීරණ වැරදි වනු ඇත. මෙම විහාරස්ථානයේ බ්‍රහ්මපාද ලක්ෂය පීඩාවට පත්වීම නිසා සියලු කටයුතු බාධාවීම්, හිරවීම් වලට ලක්ව පවතී. ආවාස ගෙය තුළ ඍණ ශක්තීන් බලවත්වීමෙන් නොපෙනෙනා බලවේගවල ක්‍රියාකාරීත්වය ප්‍රබලවීමෙන් අමනුෂ්‍ය දෝෂයන්ට ලක්වීමත්, ප්‍රධානියා හෙවත් විහාරාධිපති හිමි නම දැඩි මානසික පීඩාවට ලක් වෙමින් රෝගීවීමත්, නිරිත දිශාව තුළ පවතින අපද්‍රව්‍ය ජල වළ නිසා ඊශාන – නිරිත විශ්ව ශක්ති රේඛාව දුර්වලවීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලවීම, කකුල්වල රෝග පීඩා තත්ත්වයන් ඇතිවීමටද හේතුවී ඇත.

මේ ආකාරයට ගෘහයක මෙන්ම ආවාසාගාරවල ද දිශාවන්ට අනුකූල නොවීම, වර්ගඵලය වැරදි ලෙස ගණනය කිරීම නිසා ගෘහ පොරොන්දම් හෙවත් ඒකදශා පොරොන්දම් නොගැළපීම, වර්ගීකරණය අනුව මනුෂ්‍ය වාසයට සුදුසු මෙන්ම නුසුදුසු වර්ගයන්ට අයත්වීම් මත ඇතිවෙන ශුභ අශුභතා ඇතිවේ. වහලයේ දෝෂ නිසා බ්‍රහ්මපාදය පීඩාවට පත්වීමද, ඒ සිදුවීම්වලින් වාස්තු දෝෂයන්ට ලක්වීමද, විහාරස්ථානයේ ආවාස ගෙට, දේවස්ථානයේ නේවාසිකාගාරය යන කුමන ස්ථානවලටද සමානව බලපායි. එය එසේ වන්නේ විශ්ව ශක්තිය එක ආගමකට අයත් විෂයක් නොවී මුළු ස්වභාව ධර්මයේම කොටසක් වන නිසාය. පූජනීය ස්ථානයක මනුෂ්‍ය වාසය නොතිබුණ ද එහි පවතින බුදුමැඳුර, දේවමන්දිර, ධාතු මන්දිර ඉදිකෙරෙන වාස්තු විiාත්මක ක්‍රමවේදයන් පවතී.

විශේෂයෙන් බුද්ධ ප්‍රතිමා ඉදිකර තිබෙන ස්ථානයන් මන්දිර වශයෙන්ද දෙවියන්ගේ ප්‍රතිමා ඉදිකරන ස්ථානද මන්දිර වශයෙන් හඳුන්වන අතර ඍෂිවරුන් මේවා ප්‍රාසාද වශයෙන් නම් කරයි. යක්ෂයන් හා අන්‍ය දේවතා පිළිම පිහිටුවා ඇති ස්ථාන විමාන වශයෙන් ද හඳුන්වයි. මෙම මන්දිර සෑම ස්ථානයකම ඉදිකිරීම නොකරන අතර මන්දිර ඉදිකරනු ලබන්නේ ගංගා අසබඩ, වනාන්තර ආශ්‍රිතව, විශාල ගල් පර්වත ආශ්‍රිතව, කඳු හෙල් ආශ්‍රිතව, නිසංසල පරිසරයක් තුළය. මේවා ඉදිකිරීමේදී සම්මත මිනුම් ක්‍රමවේදයන් අනුගමනය කරනු ඇත. එහිදී වඩු රියන භාවිතයට ගනු ලබන අතර නිවෙස් ඉදිකිරීමේදී භාවිතා කරන අඟල් 31 වඩු රියන වෙනුවට වඩු රියන කුමක්ද යන්න පැහැදිලි කිරීම මයි මතයේ මෙලෙස දක්වා ඇත.

යහපත් ලෙස සිඳගත් මඟුල් කප ගෙ නමනිනා වඩු රියන මෙලෙසට ගනු ඇඳි නදකුණෙන් එක් රියන් වියනක් සිව්ගුලෙ නමෙලෙස වඩු රියන මැනගනු වඩු විසි න

ගේ හිමියාගේ දකුණු අතේ වැළමිට කෙළවර සිට මැද ඇඟිල්ලේ අග දක්වා දිග ප්‍රමාණය + දකුණු අතේ වියතක දිග එම අතේ ඇඟිලි පුරුකක දිග මෙන් 4 ගුණයක් මෙලෙස ගණනය කළ විට අඟල් 29/ 32 ත් අතර ප්‍රමාණයක් පවතී. සාමාන්‍ය ජනයා සඳහා අඟල් 31 ක්ද විහාර, චෛත්‍ය, පූජනීය ස්ථාන සඳහා අඟල් 33ක් වශයෙන්ද වඩු රියන භාවිතා කරයි.

මන්දිරවල හැඩය

මන්දිරයක දිග පළල සම චතුරශ්‍රාකාර විය යුතු බව සඳහන් වේ. ෂඩ් කෝණ, අෂ්ඨ කෝණ හැඩයට මන්දිර සෑදීම ශුභබව පෙන්වා දේ. නමුත් එම මන්දිරවල තැන්පත් කරනු ලබන පිළිම සංඛ්‍යාව වැඩිවීම නිසා මන්දිර කීපයක් ඉදිකළ නොහැක. එම අවස්ථාවේදී පළලට වඩා මන්දිරය දික්වීම වරදක් නොමැති බව සඳහන්ය. මන්දිරවල උස, පළල, දග පිළිබඳ පැවතිය යුතු සංඛ්‍යාමය අගයන් හින්දු දේව ඍෂිවරුන් විසින් ග්‍රන්ථාරූඪ කර ඇත. එම අගයන් බුද්ධ ප්‍රතිමා සඳහා ද බුද්ධ මන්දිර සඳහා ද භාවිතා කරනු ඇත. එලෙස වර්ෂ දහස් ගණනක සිට ශ්‍රී ලංකාවේ පුරාණ සිද්ධස්ථානවල දැනට පවතින බොහෝ බුද්ධ ප්‍රතිමා, බුදු මැඳුරු ඉහත කී උස, පළල, දිග අනුවම සැකසී ඇත. මන්දිරවල උස ප්‍රමාණයන් සැලකීමේදී එහි පළල මෙන් දෙගුණයක් විය යුතුය. එනම් මන්දිරයේ දිග වඩුරියන් 10ක් හා පළල වඩුරියන් 10 ක් පවතී නම් එහි උස වශයෙන් වඩු රියන් 20 ක් ගතයුතු යැයි හින්දු ඍෂි නීතියේ සඳහන්ය.

නිවාසවල මිදුලේ ද බුදුන් වහන්සේගේ පිළිම තැන්පත් කිරීම සඳහා බුද්ධ මන්දිර ඉදිකරන අතර, ඒවායේද පිළිම සංඛ්‍යාව කීපයක් පවතී නම් පළලට වඩා දිගින් වැඩිවීමත් එම මන්දිරය ෂඩ් කෝණ හා අෂ්ට කෝණ පැවතීමත් වාස්තු විiාත්මකව නිවැරදි වේ. මෙහිදී දිශාවන් සම්බන්ධයෙන් ද මෙම මන්දිර ඉදිකරන විටදී ඉතාමත් සැලකිලිමත් විය යුතුය. නිවසේ ඇතුළත මධ්‍ය සිට බලනවිට දී එළියේ නැඟෙනහිර, උතුර හා ඊශාන දිශාවන් මේ සඳහා සුදුසුම දිශාවන් වේ. බුද්ධ ප්‍රතිමාව බටහිරට නේත්‍රා පවතින ආකාරයටත් ගිනිකොන දිශාවට නේත්‍රා පවතින ආකාරයට පැවතීමත් ශුභ නොවේ.

මන්දිරයේ දොර

නිවසකට දොරක් දැමීමේදී එය බිත්තිය මැදින්ම තැබුවහොත් එය බ්‍රහ්මවේධ දෝෂයට හසුවේ. නිවසේ නොයෙක් කරදර, බාධක, සතුරුපීඩා, ධනහානි, ලෙඩ දුක් ඇතිවිය හැක. නමුත් මන්දිරයක හරි මැදින් උළුවස්ස තැබීම වේධ දෝෂයක් නොවේ. එනම් බ්‍රහ්ම පාදයට හරි කෙළින්ම පැවතීමයි. දොරවල් තැබීමේදී එය උතුරට, දකුණට, ඊශාන දිශාවට තැබිය යුතුය. දොරෙහි ප්‍රමාණයක් ද පවතී. තබන දොරෙහි පළල මෙන් දෙගුණයක් උස පැවතිය යුතුය.

පිළිම තබන ආකාරය

බුද්ධ ප්‍රතිමාව බුදු මන්දිරයේ බ්‍රහ්මපාද ලක්ෂ්‍යය තුළ තැන්පත් කිරීම අශුභයක් නොවේ. මෙය බුදු පිළිමයකට පමණක් නොව ඕනෑම ආගමක ප්‍රතිමාවකට වලංගු වේ. පිළිම වහන්සේ තැන්පත් කිරීමේදී එම පිළිමයේ නේත්‍ර නැඟෙනහිරට, උතුරට හා දකුණු දිශාවට පැවතිය යුතුයි.

බොහෝ පූජනීය ස්ථානවලින් හා පාඨකයන් බොහෝ දෙනකුගේ ඉල්ලීම පරිදි මෙම ලිපිය සකස් කරන ලදී. ඔවුන් නිතර නිතර අසන ප්‍රශ්නවලට මෙම ලිපිය තුළින් පිළිතුරු ලැබෙන්න ඇතැයි සිතමි.