රටේ භාණ්ඩාගාරය පරිස්සම් කොට ගන්නවාට වඩා, අපි, අපේ පැවිදි ජීවිත පරිස්සම් කොට ගන්න ඕනේ. පින්වත, ජාත්‍යන්තරය සුරතල් කරලා, ජාතිය ම දුකට ඇද දමලා, තට්ටුමාරු ක්‍රමයට අපේ ගිහි නායකයෝ ගෙදර යාවි. පින්වත, පැවිදි අපිට එහෙම ගෙදර යන්න බැහැ. පින්වත, අපි පැවිදි වුණේ ගිහි නායක පින්වතුන් වගේ දුක…
රටේ භාණ්ඩාගාරය පරිස්සම් කොට ගන්නවාට වඩා, අපි, අපේ පැවිදි ජීවිත පරිස්සම් කොට ගන්න ඕනේ. පින්වත, ජාත්‍යන්තරය සුරතල් කරලා, ජාතිය ම දුකට ඇද දමලා, තට්ටුමාරු ක්‍රමයට අපේ ගිහි නායකයෝ ගෙදර යාවි. පින්වත, පැවිදි අපිට එහෙම ගෙදර යන්න බැහැ. පින්වත, අපි පැවිදි වුණේ ගිහි නායක පින්වතුන් වගේ දුක වපුරන්න හෝ දුක විකුණන්න නොවේ. පින්වත, අපි පැවිදි වුණේ ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකෙන් නිදහස් වෙන්නයි. පින්වත, පැවිදි අපේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න ගුණයන් තුළින් දුකෙන් මිදෙන මාර්ගය අහිංසක ලෝකයාට කියලා දෙන්නයි. පින්වත, රජවරු යැයි කියන්නේ රටේ භාරකරුවෝයි. පින්වත, ජනතාව යැයි කියන්නේ රටේ අයිතිකරුවෝයි. පින්වත, මහා සංඝරත්නය යැයි කියන්නේ ඉහත දෙපාර්ශ්වයට ම ගුණයෙන් සහ ඥානයන්ගෙන් ඉදිරියෙන් සිට අනුශාසනා කරන්නෝයි. පින්වත, අධර්මයේ වැහි වලාවන්ගෙන් සමාජය මතට ඇද හැලෙන තෘෂ්ණාවේ අකල් වැසි ඉදිරියේ උතුම් සංඝ සමාජයේ නොසැලෙන ප්‍රතිපත්තිගරුකභාවය තෙමෙන්න දෙන්න හොඳ නැහැ.
පින්වත, වියළි කාෂ්ටක පරිසරය හරිම උණුසුම්. පින්වත, දහවල් කාලයට ආකාශය ගිනියම් හිරු එළියෙන් පුපුරු ගහනවා. පින්වත, අපිට හේතුඵල ධර්මයෝ කියලා දීලා, සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. පින්වත, වියළි පරිසරය ඉදිරියේ ඵලය නොව හේතුව මතු කොට දකින්න දක්‍ෂ වෙන්න. පින්වත, ලෝක නායකයෝ ඇතුළු අපේ නායකයෝ අධාර්මිෂ්ඨ වෙද්දී, පින්වත් ගිහි සහ පැවිදි පින්වතුන්ලා අධාර්මිෂ්ඨ වෙද්දී, ඉර, හඳ, තාරකා විකෘති වී අව්ව, වැස්ස, සුළඟ විකෘති වෙනවා යැයි ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, ගිනි ගන්නා පරිසරයේ අව්කාෂ්ටකය තුළින් භික්ෂුව දකින්නේ සුන්දර දහමක්. පින්වත, ලෝක නායකයන් යුද උමතුවෙන් පරිසරයට මුදා හරින වෙඩිබෙහෙත් විෂ යම් සේ තියුණු ද, ඊටත් වඩා ඒවාට නියෝග දෙන නායකයන්ගේ ලෝභ, ද්වේශ, මෝහ බල කාමයන්ගේ “විෂ” තියුණු බව ධර්මානුකූලව තේරුම් ගන්න. පින්වත, අපි අත්විඳින මේ ගිනියම් වූ අව්කාෂ්ටකයට වඩා, අපිව පාලනය කරන්නා වූ නායකයන්ගේ අකුසල් මූලයන්ගේ ගිනි රස්නය තියුණු බව ධර්මානුකූලව තේරුම් ගන්න. පින්වත, විනාශයට මුල අව්කාෂ්ටකය නොව, අපේ ම අකුසලයෙන් ගිනියම් වූ චේතනාවෝ මයි. පින්වත, පරිසරය නිවැරදි කරන්න යන්න එපා. ඔබ නිවැරදි වෙන්න. පින්වත, අපි නිවැරදි වෙන බවක් පෙනෙන්නවත් නැහැ. පින්වත, අපි තවමත් බල කාමයේ සටන් බිමේ ‘තෘෂ්ණාවේ විරුවෝ’ වෙලා. පින්වත, හෙට දවසේ යළිත් වැස්ස ඒවි. ඒත් වැස්ස එන්නේ ඉඩෝරයට හේතු වූ එකම එක පාඩමක්වත් අපි ඉගෙන නොගෙන මයි. පින්වත, පාඩම් ඉගෙන ගන්න කොහෙන් ද, අපිට විවේකයක්? අපේ විවේකය ‘තෘෂ්ණාව’ විසින් මරා දමලා.
පින්වත, ස්වභාව ධර්මය සංස්කාරයෝ මුල්කොට ගෙන අපිට වටිනා පාඩම් කියලා දෙනවා. පින්වත, ස්වභාව ධර්මය අපිට පාඩම් කියලා දෙන්නේ අපිත් ස්වභාව ධර්මයේ ම කොටසක් නිසා මයි. පින්වත, මාස දෙකක් අපේ රටට වැස්ස නැතුව අපි මෙවන් පීඩාවක් විඳිද්දී, භික්ෂුවගේ මතකයට නැගෙන්නේ අවුරුදු සියයක්, අවුරුදු දහසක් වැස්ස නැතුව අනාගතයේ දී ආරම්භ වන කල්ප විනාශයේ පළමු අදියරේ මතකයයි. පින්වත, ඉඩෝරයෙන් මහ පොළොව ඉරි තලා ගිය කල, පිපාසයට බොන්න වතුර බිඳුවක් නැතුව, මනුෂ්‍යයාගේ ම රුධිරය මනුෂ්‍යයා ම බොන අනාගත මෘග සඤ්ඤා ලෝකය ගැන සාංසාරික බියයි, මේ ඉඩෝරය තුළින් භික්ෂුව මතු කොට දකින්නේ. පින්වත, ජලය වෙනුවට රුධිරය බොන අනාගත පංච උපාදානස්කන්ධ වියරු ලෝකය පිළිබඳව බියකරු මතක සටහන් ස්වභාව ධර්මය වර්තමානයේ අපිට සිහිපත් කොට දෙනවා. පින්වත, වර්තමානයේ ප්‍රඥාවෙන් අන්ධ නවීන විද්‍යාව මෙවන් වියරු ඉඩෝරයන්ට ‘එල් නිනෝ’ යැයි ඇස්බැන්දුම් මායාකාරී වචන භාවිතා කළ ද, මෙවන් විපරිත එල් නිනෝවන්ගේ මූල බීජය හටගන්නේ ලෝක සහ අපේ පින්වත් රාජ්‍ය නායකයන්ගේ නොසෑහෙන තෘෂ්ණාවේ විඳීම් තුළ බව සිහිනුවණින් තේරුම් ගැනීම, අපි අහිංසක ස්වභාව ධර්මයට කරන සාධාරණයක් වෙනවා. පින්වත, වර්තමානයේ ලෝක ජනතාවගේ පිනට, අපිට පෙනෙන්නට තිබෙන්නේ එක ඉරක් පමණක් මයි. පින්වත, ‘සප්ත සූර්්‍යගමන සූත්‍රයේ’ දී, ඉරවල් හතක් පායන සත්ත්වයාගේ අකුසලය, සංස්කාර පාර්ලිමේන්තුවේ තුනෙන් තුනේ බලයක් ලබා ගන්නා දහමක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, අපේම ලෝභ, ද්වේශ, මෝහයෝ තුළින් පරිසරගත වන ඉඩෝරය තුළින් ගැටෙන සිත් නොව අනාගත සංසාර බිය ම ඇති කොට ගන්න. ලෝකයට අයිති නියඟය ලෝකය තුළ තබා, ඔබ ලෝකයෙන් නිවී යන්න.
පින්වත, ඉපදීම දුකක්, පින්වත, මරණයත් දුකක්, පින්වත, ජීවත්වීමත් ඇත්තට ම දුකක්. පින්වත, මේ දුක් ගොඩ අපි සතුටින් ම නේද, ප්‍රාර්ථනා කරන්නේ? පින්වත, කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයෝ දුක සඟවන අපූරුව, ඔබ තුළින් ම ඔබ දකිනවා නේද? පින්වත, අවිද්‍යාවට හිරිඔතප් දෙක නැහැ. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ නොදන්නාභාවයට කෙසේ නම් ලජ්ජාව සහ බිය ඇති වෙන්න ද? පින්වත, අවිද්‍යාවේ ජන්ම ගතිය සංස්කාරයෝ කෙරෙහි නොසැලෙන තෘෂ්ණාව මයි. පින්වත් මහත්මයෙක් භික්ෂුවගෙන් ඇසුවා, “ස්වාමීන් වහන්ස, භාවනාව උදෙසාත් තෘෂ්ණාව අවශ්‍යයි නේද?” කියලා. පින්වත, තෘෂ්ණාවේ නිරෝධය උදෙසා තෘෂ්ණාව ප්‍රයෝජනයට ගන්න වෙනවා. පින්වත, අනාගාමී උත්තමයා තුළත් කාම, රාග, පටිඝයෝ නිවුණ, අනුශය තෘෂ්ණාව තිබෙනවා. පින්වත, තෘෂ්ණාවේ ජවාධික ඇලීම් සහ ගැටීම් හේතුඵල ධර්මයෝ යටපත් කොට ගෙන මතු කොට ගන්නා වූ උපේක්‍ෂාව, තෘෂ්ණාවේ අණසක පංච නීවරණයන්ගෙන් ගලවා සප්තබොජ්ඣංගයන්ට ලබා දෙනවා. පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකයේ දුක විකුණන පාතාල නායකයා තෘෂ්ණාව වුවද, සතර සතිපට්ඨාන ධර්මයෝ ඉදිරියේ තෘෂ්ණාව පැනලා දුවන්නේ අවිද්‍යාවත් අසරණ කරමින් මයි. පින්වත, අපි තුළ ක්‍රියාත්මක වන තෘෂ්ණාවේ පාතාලය, අපිට භාවනාවේදීත් ඇලීම් සහ ගැටීම් මත්ද්‍රව්‍ය පොවන්නේ අවිද්‍යා ගිණුම්වලට සංස්කාර කළු සල්ලි ගොඩ ගසා ගැනීම උදෙසා මයි. පින්වත, අපේ භාවනාවේ ආස්වාදයෝ හරිම දක්‍ෂයි, භාවනාවෙන් උපදින සංස්කාර කළු සල්ලි, මිච්ඡා ඥාන දර්ශනයෝ සහ මිච්ඡා විමුක්තිය තුළින් සුදු කොට පෙන්වන්න. පින්වත, ඔබත් මිච්ඡා අධිගමයන් ලෝකයාට ප්‍රකාශ කොට, තෘෂ්ණාවේ පාතාලයට සංස්කාර කළු සල්ලි සුදු කොට දෙන, අවිද්‍යා පාතාලයේ සාමාජිකයෙක් දැයි සිහිනුවණින් සිතා බලන්න.
පින්වත, රටේ භාණ්ඩාගාරය පරිස්සම් කොට ගන්නවාට වඩා, අපි, අපේ පැවිදි ජීවිත පරිස්සම් කොට ගන්න ඕනේ. පින්වත, ජාත්‍යන්තරය සුරතල් කරලා, ජාතිය ම දුකට ඇද දමලා, තට්ටුමාරු ක්‍රමයට අපේ ගිහි නායකයෝ ගෙදර යාවි. පින්වත, පැවිදි අපිට එහෙම ගෙදර යන්න බැහැ. පින්වත, අපි පැවිදි වුණේ ගිහි නායක පින්වතුන් වගේ දුක වපුරන්න හෝ දුක විකුණන්න නොවේ. පින්වත, අපි පැවිදි වුණේ ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකෙන් නිදහස් වෙන්නයි. පින්වත, පැවිදි අපේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න ගුණයන් තුළින් දුකෙන් මිදෙන මාර්ගය අහිංසක ලෝකයාට කියලා දෙන්නයි. පින්වත, රජවරු යැයි කියන්නේ රටේ භාරකරුවෝයි. පින්වත, ජනතාව යැයි කියන්නේ රටේ අයිතිකරුවෝයි. පින්වත, මහා සංඝරත්නය යැයි කියන්නේ ඉහත දෙපාර්ශ්වයට ම ගුණයෙන් සහ ඥානයන්ගෙන් ඉදිරියෙන් සිට අනුශාසනා කරන්නෝයි. පින්වත, අධර්මයේ වැහි වලාවන්ගෙන් සමාජය මතට ඇද හැලෙන තෘෂ්ණාවේ අකල් වැසි ඉදිරියේ උතුම් සංඝ සමාජයේ නොසැලෙන ප්‍රතිපත්තිගරුකභාවය තෙමෙන්න දෙන්න හොඳ නැහැ. පින්වත, සුපටිපන්න ආදි වූ ලෝකයේ උත්තම ගුණයන් හතරක් දරාගත්ත, ලෝකයේ උත්තම පුද්ගලයන් අටදෙනා ජීවත් වෙන්නේ උත්තරීතර සංඝ සමාජය තුළ පමණක් මයි. පින්වත, “මුදලට, බලයට සියල්ල යටත්” ය කියලා සමාජ මතයක් තිබෙනවා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව එම මතය තරයේ ප්‍රතික්ෂේප කරනවා. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ දරාගත්ත මහා සංඝරත්නය ධනයට, බලයට සොලවන්නවත් බැහැ. පින්වත, එයයි මහා සංඝරත්නයේ පරම්පරාගත ජාන හැඩරුව වෙන්නේ. එම උත්තරීතර ගුණයයි, සංඝ සමාජයේ වර්ණය, සැපය, බලය බවට පත් වෙන්නේ.
පින්වත, මේ උදා වෙන්නේ පුණ්‍යවන්ත වස්සානයේ දෙවෙනි මාසයයි. පින්වත, සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා, උතුම් ධම්මානුපස්සනාව තව තවත් අර්ථවත් කරලා. පින්වත, වස්සානය අවිවේකයට ගොදුරක් කොට දෙන්න එපා. පින්වත, ආධ්‍යාත්මික සහ බාහිර පංච උපාදානස්කන්ධ ලෝකවල සංස්කාර කෙත්වතු ඵලබර වෙද්දී, ඇලීම් සහ ගැටීම් ආහාර සොයාගෙන අවිවේකී වෙන්න අපි හරිම කැමැතියි. පින්වත, සුන්දර වස්සානයේ දී, කඨින චීවරයේ සිට කඨින පින්කම් දක්වා අවිවේකී කාලසටහනක් පැවිදි අපි ඉදිරියේ දිගහැරෙනවා නේද? පින්වත, ලෝකය යැයි කියන සඤ්ඤාව ගත්තොත්, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයෝ මේ සියල්ල ම තිබෙනවා. පින්වත, අපි කැමති, ලෝකය යැයි කියන සඤ්ඤාව ලෝකය හැටියට ම ගන්නයි. පින්වත, ඔබ කැමති ද, සුන්දර වස්සානය තුළින් කඨින චීවර, කඨින පින්කම් නොව, ලොව්තුරා බුදුරජාණන් වහන්සේව දකින්න? පින්වත, මොහොතක් ඔබේ දෑස් පියාගෙන ඵස්සය අසලින් ‘දැක්කා’, ‘ඇසුණා’, දැනුණා’ යැයි ඔබේ තෘෂ්ණාවේ ලෝකයට තාවකාලිකව සමුදෙන්න. පින්වත, තාවකාලිකව නිවුණ ඵස්සය තුළින් ඔබ දකින්නේ උතුම් ධර්ම විනය නමැති ජීවමාන ශාස්තෘන් වහන්සේව මයි. පින්වත, ලෝකය විනිවිද ධර්මය දකින්න. පින්වත, පුණ්‍යවන්ත වස්සානයකට මීට වඩා කිනම් වටිනාකමක් දෙන්න ද? පින්වත, මේ රාත්‍රිය වස්සානය යැයි කියන නමටත් ඔච්චම් කරන, හරිම උෂ්ණාධික රාත්‍රියක්. පින්වත, සංස්කාරයන්ට අදාළව ලෝකයේ හැඩරුව වෙනස් වෙනවා. පින්වත, එම වෙනස් වීම දකින්න පංච නීවරණයෝ යටපත් වෙන්න ම ඕනේ. පින්වත, සැබෑම වස්සානය වෙන්නේ, වස්සානය තුළින් වස්සානය දැකීම නොවේ, වස්සානය තුළින් ‘වස්සානයේ නිරෝධය’ දැකීමයි.
පූජ්‍ය රාජගිරියේඅරියඥාන ස්වාමින්වහන්සේ












